අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් නතරවීමෙන් රෝගී ප්‍රතිකාර ඇනහිටී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් නතරවීමෙන් රෝගී ප්‍රතිකාර ඇනහිටී

අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් නතරවීමෙන් රෝගී ප්‍රතිකාර ඇනහිටී

දින අටක් තිස්සේ මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් රෝග ප්‍රතිකාර කටයුතු ඇනහිට තිබෙන බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා දන්වා ඇතැයි මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

 

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන වේරියන්ට් යන්ත්‍රය (Variant machine) මෙලෙස අක්‍රිය වී ඇති අතර සේවා ගිවිසුම් අනුව මෙම යන්ත්‍රයට නොමිලේ ගෙන්වූ අමතර කොටස් පසුගිය සිකුරාදා සිට රේගුවෙන් නිදහස් කරගන්නට නොහැකි වී තිබෙන බවත්, විවිධ රේගු තාක්ෂණික ගැටලු නිසා මෙම ප්‍රශ්නය මතු වී තිබෙන බවත් ඔහු පෙන්වා දුනි.

 

මේ හේතුවෙන් ඉකුත්  දින කිහිපයේදී පමණක් රෝගීන් සියයකගේ පමණ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබෙන අතර අද පෙරවරුවේදී මෙම යන්ත්‍රයෙන් ප්‍රතිකාර ලබන කුඩා දරුවන් 24 දෙනෙකු පමණ ප්‍රතිකාර නොමැතිව අසරණ වී සිටින බවත් ඔහු කියා සිටී.

 

ඉතාමත් කඩිනමින් මෙම යන්ත්‍රයේ අමතර කොටස් ලබාදීමට මැදිහත් වන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින බව එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

views

229 Views

Comments

arrow-up