පැරදුනු මන්ත්‍රී නිල නිවසේ යතුරක් හොරට කපාගෙන – අලුත් මන්ත්‍රී ගෙදර යනවිට පරණ මන්ත්‍රී ගෙදර සාකච්ඡාවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

පැරදුනු මන්ත්‍රී නිල නිවසේ යතුරක් හොරට කපාගෙන – අලුත් මන්ත්‍රී ගෙදර යනවිට පරණ මන්ත්‍රී ගෙදර සාකච්ඡාවක

පැරදුනු මන්ත්‍රී නිල නිවසේ යතුරක් හොරට කපාගෙන – අලුත් මන්ත්‍රී ගෙදර යනවිට පරණ මන්ත්‍රී ගෙදර සාකච්ඡාවක

වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයකු තමන්ට හිමි නිල නිවෙස බාර ගැනීමට යතුරු රැගෙන යාමේදී එම නිල නිවෙස ඇතුළත පැරදුණු හිටපු මන්ත්‍රීවරයකු දේශපාලන සාකච්ජාවක් පවත්වමින් සිටීමේ සිදුවීමක් වාර්තා වනවා.

මෙසේ අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරයා වන්නේ ඊපීඩීපී පක්ෂයේ කුලසිංහම් තිලීපන්ය.

ඔහුට බාර දී තිබූ නිලනිවෙසේ කලින් පදිංචි වී සිට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ශිවශක්ති අනන්දන්ය.

කෙසේවෙතත් ආනන්දන් මහතා එම නිවෙසේ යතුරු දිසා ලේකම් කාර්යාලයට බාර දී තිබූ අතර තිලීපන් මහතා පැමිණ ඇත්තේ එම යතුරු දිසා ලේකම් කාර්යාලයෙන් බාර ගැනීමෙන් අනතුරුවයි.

තිලීපන් මහතා සිය ආධාරකරුවන් සමග එසේ පැමිණ නිවෙස‌ේ දොර හැර බලද්දී ආනන්දන් මහතා නිවෙස ඇතුළත දේශපාලන සාකච්ජාවක් පවත්වමින් සිට ඇති බව දැනගන්නට තිබෙනවා.

පසුව කළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ ආනන්දන් මහතා නිලනිවෙසේ යතුරු බාර දුන්නද අමතර යතුරක් ඔහු විසින් තබාගෙන ඇති බවකි.

කෙසේවෙතත් සාකච්ජා මාර්ගයෙන් එම ගැටලුව විසදා ගැනීමට දෙපාර්ශ්වය සමත් වී ඇති බවද දැනගන්නට තිබෙනවා.

 

views

876 Views

Comments

arrow-up