නීතිවිරෝධීව මෙරටට 'කහ' ගෙනා 6 දෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට කහ රැගෙන ඒමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් හය දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 1400ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(30) පුත්තලම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
539 Views
Comments