විදුලිය බිඳ වැටීමේ වරද තම අමාත්‍යංශයේ නම් මා ඉල්ලා අස් වෙනවා – අමාත්‍ය ඩලස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

විදුලිය බිඳ වැටීමේ වරද තම අමාත්‍යංශයේ නම් මා ඉල්ලා අස් වෙනවා – අමාත්‍ය ඩලස්

විදුලිය බිඳ වැටීමේ වරද තම අමාත්‍යංශයේ නම් මා ඉල්ලා අස් වෙනවා – අමාත්‍ය ඩලස්

දිවයින පුරා විදුලි විසන්ධි වීමට විදුලිබල අමාත්‍යාං‍ශය වගකිව යුතු බවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වන්නේ නම් තමා සිය අමාත‍‍්‍ය  ධුරයෙන් ඉල්ලා අස්ව‍ෙන බව මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 
 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසා සිටියේෙ “විදුලිබල අමාත්‍යාංශයේ මම තාම ඉගෙන ගන්නවා..ඉගෙනගන්නකොටම ලයිට් ගියා..එදා දවල්ම මම කිවුවා කමිටුවක් පත් කරන්න කියලා..සඳුදා වෙනකොට මම හිතනවා එහි වාර්තාව ලැබෙයි කියලා. ඒ වාර්තාවේ කියනවා නම් විදුලිබල අමාත්‍යාංශයේ තමයි වැරැද්ද කියලා අඟහරුවාදා ඉදන් ඩලස් අලහප්පෙරුම නෙවෙයි විදුලිබල ඇමති.” යනුවෙනි.

 

මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවේ මූලික වාර්තාව හෙට (24) ලැබීමට නියමිතය.

 

views

639 Views

Comments

arrow-up