කන්ටේනර් රථක් පෙරළී තාත්තයි දුවයි මරුට

නුවර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර පොලීසිය ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තිරිංග අක්‍රීය වූ කන්ටේනර් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි මෝටර් රථ දෙකක් මතට පෙරලී යාමෙන් ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුවුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබු මෝටර් රථ දෙකේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙක් සහ කන්ටේනර් රථයේ රියදුරු ගලගෙදර සහ පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරුණා.
එහිදී එක් මෝටර් රථයක සිටි රියදුරු සහ ඔහුගේ කුඩා දියණියයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ඔවුන් නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
792 Views
Comments