මහනුවර කම්පනය පිළිබඳ උපකල්පන 3ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
30

මහනුවර කම්පනය පිළිබඳ උපකල්පන 3ක්

මහනුවර කම්පනය පිළිබඳ උපකල්පන 3ක්

මහනුවර , තලාතුඔය ආශ්‍රිත ප්‍රදේශවල වාර්තා වූ කම්පන තත්ත්වයට සිදුවීම් 3ක් හේතු විය හැකි බවට පරීක්ෂණ කමිටුව අනුමාන කර තිබේ.

 

භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා සඳහන් කළේ, ගල් කොරියක බෝර දැමීමේදී ඇති වු අධි කම්පන තත්ත්වයක්, ඊට හේතු වන්නට ඇති බවට සැක කරන බවය. එසේ නොමැති නම් හුණු ගල් ස්ථර කඩා වැටීමක් ද ඒ සඳහා හේතු විය හැකි වේ.

 

අදාළ කම්පනය සිදුවීමට බලපා හැකි 3වන කරුණ ලෙස කමිටුව සැක පළ කරන්නේ වික්ටෝරියා ඇතුළු ආසන්න ජලාශවල සිදුවු අධි ජල තෙරපුමක් බවයි.

 

එය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා භූ කම්පන විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට අදාළ ප්‍රදේශවල නිරීක්ෂණයක නිරත වෙමින් සිටී.

 

එහිදී නිවාසවලට සිදුවූ හානි තත්සේරු කෙරෙන බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා සඳහන් කළේය.

 

මහනුවර, හාරගම ප්‍රදේශයේ කිසියම් කම්පන තත්ත්වයක් සිදුව ඇති බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන්ව තිබුණේ ඊයේ රාත්‍රි 8.32 ට පමණි. ඉන් සිය නිවාසවලට බලපෑම් වු බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කළේ ඉන් අනතුරුවයි.

 

සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාර නිල්මිණී තල්දෙන මහත්මිය එම කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලැබේ.

 

views

636 Views

Comments

arrow-up