බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීමෙන් පසු තහනම් කිරීමට අදාල වන නීති ගෙන ඒමට කටයුතු කරන බවයි අලි සබ්රි මහතා පවසා සිටියේ.
එමෙන්ම මේ වනවිටත් මුස්ලිම් විවාහ දික්කසාද නීතිය ශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පවසා සිටියා.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සකසන ලද එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් විවාහ වීමේ අවම වයස අවුරුදු දහ අටක් බවට යෝජනා කර ඇති බවත් , විවාහ වීමේ දී කාන්තාවන් විසින් අත්සන් තැබිය යුතු බවට ද එහි යෝජනා කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.
750 Views
Comments