මන්ත්‍රීවරුන් 31ක් ස්වයං නිරෝධායනයට - පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් PCR

ස්වයං නිරෝධායනය යොමුවන ලෙස උපදෙස් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අහඹු PCR පරීක්ෂණ පවත්වන අතර ඉදිරි දින වලදී ද කාර්ය මණ්ඩල සාමාජිකයින් පාර්ලිමේන්තුව තුළදී ම PCR පරීක්ෂණවලට ලක් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම්වල කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා කාරක සභා රැස්වීම කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා සවස 2.00ට රැස්වීමට නියමිතයි.
692 Views
Comments