කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මා කියූ දේ ආණ්ඩුව කිරීම ගැන සතුටුයි

කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් තමා ගෙන ආ මතය වර්තමාන රජය ප්‍රමාද වී හෝ පිළිගැනීම පිළිබඳ තමා සතුටට පත්වන බව ජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නම් වසරේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය අමතමිනි ඒ මහතා මේ බව සඳහන් කළා.
පාසල් වල 6 ශ්‍රේණියෙන් ඉහල දැරියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් නොමිලේ ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියේ.
තමන් ජනාධිපතිවරණයේ දී ගෙන ආ ප්‍රතිපත්තියක් වන මෙරට කාන්තාවන්ට සනීපාරක්ෂක පහසුකම් නොමිලේ ලබාදීම පිළිබඳ ස්ථාවරය තුළ තවදුරටත් සමගි ජන බලවේගය සිටින බවත් ඇයි ස්ථාවරය ජය ගන්නා තෙක් අරගලයක නිරත වීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.
631 Views
Comments