රතන හිමි හෙට සිව්වැනි වරටත් පාර්ලිමේන්තුවේ දිවුරයි

නම වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස හෙට දිනයේ දී පූජ්‍ය අතුරලියේ රත්න හිමියන් පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භයේදී දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා පවසනවා.
පක්ෂයේ මතභේදයට ලක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා අතුරලියේ රතන හිමියන්ගේ නම ගැසට් කරමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.
රතන හිමියන් ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 වර්ෂයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
උන්වහන්සේ 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ම්පහ දිස්ත්‍රික්කයෙන් හත්වැනි පාර්ලිමේන්තුව සඳහා ද තේරී පත් වුණා.
අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසයි.
ඒ අනුව රතන හිමියන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව් වෙනි වරටයි.
747 Views
Comments