ඉන්දියාවට වූ දේම වන ලකුණු - ඔක්සිජන් හිගවී මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇගවීම්

පසුගියදා ඉන්දියාවේ බිහිසුණු තත්වයම ලංකාවෙත් දැන් දැක ගත හැකි වන අතර කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
ඔක්සිජන් හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි , සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.
1021 Views
Comments