වනිදු අයි.පී.එල් ගන්න ප්‍රබල කණ්ඩායම් හතරක් සිව්කොන් සටනක්

සැප්තැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරිමට සැලසුම් කර ඇති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුම් ගත කර ගැනීමට කණ්ඩායම් 4ක් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඊයේ අවසන් වූ අවසන් විස්සයි20 තරගයද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වනිදු හසරංග හට mumbai indians කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුමේද සටහනක් තබමින් සුභ පැතුමක් එක්කොට ඇත.
ලංකා බලධාරීන්ගෙන් අවසරය හිමිවන්නේ නම් පමණක් IPL තරගාවලියට ක්‍රීඩා කිරිමට වනිදු හසරංග කැමැත්තන් පසුවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ICC ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි 20 අංශයේ පන්දු යවන්න අතුරින් දෙවන ස්ථානයේ පසුවන්නේ වනිදු හසරංගයි.
989 Views
Comments