MAY
02
කාන්තාවකට කැත වැඩක් කල ව්‍යාපාරිකයා මාට්ටු

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකගේ ජංගම දුරකථනයට අසභ්‍ය ළිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන යවා ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන වේයන්ගොඩ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
වේයන්ගොඩ නගරාසන්නයේ පදිංචි විවාහක කාන්තාවකට අවස්ථා කිහිපයකදීම අසභ්‍ය ළිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන ජංගම දුරකථනයට යවා අයුතු යෝජනා කරමින් ඇයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.
641 Views
Comments