ආර්ථික පීඩනය දරාගන්න බැරිව හාට් ඇටෑක් හැදෙන අය 30%කින් ඉහළ ගිහින්

මෙරට වැසියන්ගෙන් සියයට 20ක් දෙනා හෘදයාබාධයන්ට ගොදුරුවෙමින් පවතින බවත් මෙම ප්‍රතිශතය බස්නාහිර පළාතේ සියයට 30 දක්වා වර්ධනය වී ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සඳහන් කරයි.
මේ වන විට රටපුරා ඇතිව තිබෙන ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව බොහෝ දෙනකු මානසික ආතතියට පත්වීම මෙසේ හෘද රෝග වැඩිවීමට හේතුවක් වී ඇතැයි ද විශේෂඥවරයා පැවසීය.
සුපුරුදු දෛනික කටයුතුවලින් බැහැරව බොහෝ දෙනකුට ගිනි අව්වේ පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමත් ඇතැම් විට අවසානයේ දී කිසිදු ප්‍රතිපලයක් නොමැතිව හිස් අතින් යාමට සිදුවීමත් වැනි හේතු සාධක සහ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාමට සාපේක්ෂව මුදල් අතේ නොගැවසීම ද මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් වී ඇතැයි හෙතෙම අවදාරණය කරයි.
737 Views
Comments