IMF එකට කලින් යන්න තිබුණා – රසායනික පොහොර නොදීමත් වැරදියි - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

IMF එකට කලින් යන්න තිබුණා – රසායනික පොහොර නොදීමත් වැරදියි - ජනපති

IMF එකට කලින් යන්න තිබුණා – රසායනික පොහොර නොදීමත් වැරදියි - ජනපති

ඇමති තනතුර වරප්‍රසාදයක් නොවේ. විශාල වගකීමක්. කිසිඳු අමතර වරප්‍රසාදයක් භාවිතා නොකර අවංක, කාර්යක්ෂම, පිරිසිදු පාලනයකට කැපවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි.

 

තමන් යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර, ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත්කළ යුතුයි. බොහෝ ආයතන බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයකපවතින හෙයින් රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර, රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත් කිරීම අමාත්‍යවරයා සතු වගකීමක් බව ජනාධිපතිතුමා පැවසීය.

 

නව කැබිනට් අමාත්‍යවරු අමතා අද  (18) පෙරවරුවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

 

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාසිදු කළ කතාව.

 

(2022-04-18)

 

අද මම මෙම අවස්ථාවේ ඔබ අමතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම දුෂ්කර,ඒවගේම අභියෝගාත්මක ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සාමාජීය වශයෙන්, රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙන අවස්ථාවකය.

 

අද මම ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතිවනවඇමතිවරු පත් කරලා තිබෙනවා. ඇමතිතනතුරවරප්‍රසාදයක්නොවෙයි. ඒක විශාලවගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදුඅමතරවරප්‍රසාදයක්ඇමතිවරයෙක් කියලා පාවිච්චිකරන්නඑපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේඅවංකව,කාර්යක්ෂමවපිරිසිදුපාලනයකටකැපවෙන්න කියලා.

 

ඒ වගේම ඔබයටතේඇතිආයතනදූෂණයෙන්තොර, ජනතාසේවයටකැපවුණුආයතනබවටපත්කරන්නට කියලා. අද රාජ්‍ය ආයතනබොහොමයක් පවතින්නේබරපතලමූල්‍යඅර්බුදතත්ත්වයකය. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. එය මෙතුමන්ලාට කරන්න තිබෙන ප්‍රධාන කර්යයක්. අපි දන්නවා මේ ඇමති තනතුරු ලැබුනාම තමන්ට ලැබෙන අමාත්‍යාංශයේ ආයතනවල රැකියා දෙන්න සූදානම් වෙනවා. මේවගේ තත්ත්වයක් යටතේ එය කරන්න එපා, කියලා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම අමාත්‍යාංශ කළ යුත්තේ රැකියා නිර්මාණය කිරීමයි.

 

අද පවතින මෙම අර්බුදය ජනතාවඉල්ලූඒ System Changeඑකකරන්නහොඳඅවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ එක්කම මම මේතරුණයන්ගෙන්ඉල්ලාසිටිනවාඑයටඋපකාරකරන්න කියලා.

 

පසුගිය වර්ෂ දෙක හමාර තුළ අපට විශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය, ඒ වගේම ණය බර වැනි දේවල්, අපෙන්අතපසුවීම්සිදු වුණා. ඒවා නිවරැදි කර ගන්න ඕන. ඒවා නිවරැදි කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕන. ජනතාවගේ විශ්වාසය නැවත දිනාගන්න ඕන.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට‍ මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා මම හිතනවා.. අපි ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කර තිබෙනවා.

views

672 Views

Comments

arrow-up