ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි

ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි

රෝගී ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් රට පුරා රෝහල්වල ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

 

 

එනිසා මෙම සතිය තුළ රෝහල් පද්ධතියම කඩා වැටීමෙන් අති භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ අනතුරක් ඇතැයි එම සංගමය අනතුරු අඟවා සිටී.

 

 

ඇති වී තිබෙන තත්ත්වය කොරෝනා වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රෝහල්වල නොමැතිවීම නිසා අනපේක්ෂිත ලෙස රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

views

808 Views

Comments

arrow-up