මෙවර ශ්‍රී පාද වන්දනාවට බැතිමතුන්ට අවසර

සෞඛ්‍ය උපදෙස් වලට අනුව 2021 - 2022 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භය චාරිත්‍රානුකූලව පවත්වන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කිරිම සම්බන්ධව නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරී කාර්යාල පරිශ්‍රයේදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරීමට පැවති විශේෂ රැස්වීමකදී නායක හිමියෝ මේ බව සඳහන්කර සිටියහ.
සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කටයුතු කරමින් ශ්‍රි පාදය කරුණා කිරීමට බැතිමතුන්ට අවස්ථාව ලැබෙන බවත් එහිදී සඳහන් විය.
වසර දෙකක් තිස්සේ මෙරට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්ථාව නොලැබීම නිසා මෙවර ශ්‍රි පාද වන්දනා වාරය පැවැත්විමේදී, ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින්ගෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබූහ.
ශ්‍රි පාද වන්දනාවට පැමිණීමේදි කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදුන් එන්නත්කරණ කාඩ්පත රැගෙන යාමෙන් බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙනු ඇති.
708 Views
Comments