කෙසෙල්වත්තේ දැරියන් තිදෙනෙක් අතුරුදන් වුණාද? පැනලා ගියාද? (VIDEO)

කෙසෙල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටියේ දැරියන් තිදෙනෙකු අභිරහස් ලෙස අතුරුදන් වීමට පෙර ඔවුන් මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට යන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන අප වෙබ් අඩවිය වෙත ලැබී තිබෙනවා.
පහළොස් හැවිරිදි සහ දහතුන්වන හැවිරිදි අක්කා නගෝ සහ ඔවුන්ගේ ඥාතී මිතුරියක් වන දහතුන් හැවිරිදි තවත් දැරියක් මෙලෙස අතුරුදහන් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම ඥාති මිතුරිය ගම්පොළ ප්‍රදේශයේ සිට මීට දින කිහිපයකට ඉහතදී කෙසෙල්වත්ත පිහිටි මෙම දැරියන්ගේ නිවසට පැමිණ තිබෙනවා.
එසේම මෙම අක්කා නගෝ දෙදෙනා විසින් ඔවුන්ගේ මවගේ ස්මාර්ට් ජංගම දුරකථනයද හොරා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අබිරහස් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශය මෙන්ම කෙසෙල්වත්ත පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එසේ නමුත් මෙම බාලවයස්කාර දැරියක් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
969 Views
Comments