ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර

ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්ත්‍රී දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 54 වැනි ගුණසමරු උත්සවය තංගල්ලේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පෙරවරුවේ පැවැත්විණි.

 

 

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරු නව නාමල් රාජපක්ෂ සහ එස්.එම් චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

 

 

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු සිය පියාණන් වන ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූහ.

views

576 Views

Comments

arrow-up