“දියර පොහොර කෑන් පුපුරන්නේ හොඳ වැඩිකමටයි” - කෘෂිකර්ම ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

“දියර පොහොර කෑන් පුපුරන්නේ හොඳ වැඩිකමටයි” - කෘෂිකර්ම ඇමති

“දියර පොහොර කෑන් පුපුරන්නේ හොඳ වැඩිකමටයි” - කෘෂිකර්ම ඇමති

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ට බෙදා දුන් දියර පොහොර කෑන් පුපුරා යාම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා අදහස් දක්වා තිබේ.

 

අමාත්‍යයවරයා පෙන්වා දෙන්නේ ගොවීන් ලක්ෂ 8කට මෙම ජෛව පොහොර බෙදාදී ඇති බවත් පුපුරා ගොස් ඇත්තේ කෑන් කිහිපයක් පමණක් බවත්ය.

 

මෙම දියර පොහොර වල නයිට්‍රජන් වැඩිපුර ඇති බව පැවසූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒවා පුපුරා යන්නේ ඒ තුළ ක්‍රියාකාරීත්වය වැඩි නිසා බවත් සඳහන් කළේය.

 

එම නිසා මෙය මුළු රටටම සිදු වූවක් ලෙස අර්ථකථනය කිරීම වැරදි බවද අමාත්‍යවරයා අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

views

730 Views

Comments

arrow-up