“එක්කෝටි දාහත් ලක්ෂයකට එන්නත්දී අවසන්, කොරෝනා කියලා හැමදාම ජනතාවට නැවතිලා ඉන්න බැහැ”
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

“එක්කෝටි දාහත් ලක්ෂයකට එන්නත්දී අවසන්, කොරෝනා කියලා හැමදාම ජනතාවට නැවතිලා ඉන්න බැහැ”

“එක්කෝටි දාහත් ලක්ෂයකට එන්නත්දී අවසන්, කොරෝනා කියලා හැමදාම ජනතාවට නැවතිලා ඉන්න බැහැ”

සංචරණ සීමා ඉවත් කළද ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අනුගත විය යුතුව ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ(30) කළුතර ප්‍රදේශයේදී සඳහන් කළේය.

 

යුද හමුදාපතිවරයා ඒ බව ප‍්‍රකාශ කළේ ලෝක හදවත් රෝග දිනය නිමිති කොටගෙන කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

 

 එහිදී වැඩිදුරටත් අදහ්ස් දැක්වූ ඒ මහතා,

“කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව කටයුතු කරන අතරතුර ජනතාව තමන්ගේ හදවත රැක ගැනීමට මෙන්ම ජීවිත රැක ගැනීමට ද අවධානය යොමු කළ යුතුයි.

කොවිඩ් කියලා හැමදාම ජනතාවට නැවතිලා ඉන්න බැහැ. රෝගී වූ පසු රැක බලා ගන්නවාට වඩා හදවත් රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් ඔවුන් බේරා ගැනීම රටට වාසිදායක තත්ත්වයක්.

රට විවෘත කිරීමේදී සෞඛ්‍ය මෙන්ම රාජ්‍ය පරිපාලන හා ප‍්‍රවාහන යන අංශ කෙරෙහිත් අවධානය යොමු කරනවා. තවදුරටත් පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන යෑමට සිදු වෙනවා.

අපි කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටවූයේ අප රටේ පළමු කොවිඩ් රෝගියා වාර්තා වීමටත් පෙරයි.

මේ වනවිට ජනගහනයෙන් එක් කෝටි 17 ලක්ෂයකට එන්නත් ලබාදී තියෙනවා. හදවත් රෝගවලින් වසරකදී ලෝකයේ බිලියන 186ක් මියයනවා.

ඒ කොරා්නාවලින් මියයනවාට වඩා දහස් ගුණයක්. හෘද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ලොව අඩු ආදායම්ලාභී රටවල්වලින්.

එම ප්‍රමාණය සමස්ත රෝගීන්ගෙන් 80%ක්. මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය ස්ථාපිත කර තිබෙනවා.

විශාල පිරිසකට ස්ටෙන්ට්ස් දමලා තියෙනවා. මෙය විශාල මුදලක් වැය වන දෙයක්. වැදගත්වන්නේ වළක්වා ගැනීමයි. ”

 

කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතාද මෙහිදී අදහස් දැක්විය. 

views

675 Views

Comments

arrow-up