ත්‍රීවිල්වලට කනේ පාරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

ත්‍රීවිල්වලට කනේ පාරක්

ත්‍රීවිල්වලට කනේ පාරක්

ත්‍රීරෝද රථ වෙන් කර එම එක් එක් ත්‍රීරෝද රථ තමාට අදාළ ප්‍රදේශයන්හී ඉන්ධන පිරවුම්හලක පමණක් වෙන් කර ලියාපදංචි කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීම සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.

 

එසේම මඟී ප්‍රවාහන බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ සහ තෝරා ගත් ඉන්ධනහල් මඟින් සිදු කිරීමට අවශ්‍ය වෙන් කිරීම සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයට බලය ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

 

එමෙන්ම සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක, කර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා වන ලියාපදිංචි කිරීම් එක් එක් අමාත්‍යාංශ මඟින් සිදු කිරීමට අවසර ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියාසිටිනවා.

 

තවද වාහන කිහිපයක් හිමි ආයතන සඳහා තම ව්‍යාපාරික බලපත්‍රය මඟින් තම සියළු වාහන ලියාපදිංචි කිරීමටත්, රජයේ වාහන ලියාපදිංචි කිරීම සඳහා එම රජයේ ආයතනවල අංශ ප්‍රධානීන් විසින් නම් කළ නිලධාරියෙකුට මෘදුකාංගය වෙත පිවිස දත්ත ඇතුළත් කිරීමටත් අවසර ලබාදෙන බවද අමාත්‍යවරයා පවසනවා.

 

එසේම විදුලිජනක යන්ත්‍ර, වගා උපකරණ සහ අනෙකුත්‍ යන්ත්‍ර වෙනුවෙන් වන ඉන්ධන අවශ්‍යතාවය සඳහා ලියාපදිංචි කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවස්ථාව සළසා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටිනවා.

views

438 Views

Comments

arrow-up