තමා හැදූ වැඩූ අම්මාට පාපතර දියණියගෙන් මෝල් ගස් පහර - මව එතැනම මරුට

38 හැවිරිදි දියණියක් 65 හැවිරිදි වයෝවෘද්ධ මවගේ හිසට ඊයේ(17) දහවල් මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ බොරැල්ල, බේස්ලයින් මාවත, සිංහපුර මහල් නිවාස හි පදිංචිව සිටි මොහොමඩ් ජැස්මින් නමැති වයෝවෘද්ධ මවකි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකාර 38හැවිරිදි දියණිය පහරදීමට යොදා ගත් අඩි තුනක් පමණ උස මෝල් ගසද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය හා ඝාතනයට ලක්වූ මව එකම නිවසක පදිංචිව සිටින අතර අත්අඩංගුවට ගත් සැකකාරියගේ හය හැවිරිදි දියණියට මව විසින් පහර දුන්නැයි උරණව මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.
එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ වයෝවෘද්ධ කාන්තාව නිවස තුළම මියගොස් සිටි බව පොලිසිය පවසයි.
සැකකාරිය මානසික රෝගයකට ප්‍රතිකාර ගෙන මීට දින කීපයකට ඉහතදී නිවසට පැමිණි තැනැත්තියක් බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණවී තිබේ.
430 Views
Comments