පාසල් සිසුවියන් රවටා වට්ස්ඇප් ඔස්සේ අමුතු ක්‍රමයකට මුදල් ගැරූ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර පාසල් සිසුවියක් මුලාකරමින් වංචනිකව මුදල් ඉපැයීමේ ජාවාරමක යෙදුන මෑතක පාසල හැරගිය 17 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පිටබැද්දර පොලිසිය කියයි.
මාතර ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබා පාසල හැරගිය පිටබැද්දර ප්‍රදේශයේ තරුණියක් වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර තම හිතවත් තරුණ තරුණියන් එම කණ්ඩායමට බඳවාගෙන ඒ තුළින් ප්‍රේම සම්බන්ධතාවන් ගොඩනංවා ඔවුනොවුන්ට පණිවුඩ හුවමාරු කරගැනීමටද සලස්වා ඇත.
ඒ තුළින් ඇය විවිධාකාරයෙන් වංචනිකව මුදල් ඉපැයීමේ ජාවාරමක යෙදී සිට තිබේ.
ඇය දන්නා හඳුනන එම ප්‍රදේශයේම පදිංචි මාතර ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් මෙම වට්ස් ඇප් කණ්ඩායමට සම්බන්ධ කරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු ලෙස සිටිමින් මෙම වංචාකාර තරුණිය සිසුවිය සමඟ පණිවුඩ හුවමාරු කරමින් ව්‍යාජ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන තිබේ.
මුහුණු පොතෙන් ලබාගත් වෙනත් අයෙකුගේ ඡායාරූපයක් මෙම සිසුවියට යවා එය වෛද්‍ය පීඨයේ සිසුවාගේ ඡායාරූපයක් ලෙසට හඳුන්වාදී ඇත.
එවැනි තරුණයෙකු මෙම සිසුවිය හා ප්‍රේම සම්බන්ධයක් පවත්වන්නේ නැති අතර වංචාකාර තරුණිය සිසුවියගේ ප්‍රේමවන්ත වෛද්‍ය පීඨ සිසුවා ලෙස පෙනී සිටිමින් වට්ස් ඇප් මගින් පණිවුඩ හුවමාරු කරගනිමින් සිට ඇති අතර වෛද්‍ය පීඨ සිසුවෙකු නිසා සිසුවිය මෙම ප්‍රේම සම්බන්ධය සිය දෙමාපියන් වෙතද සැලකර තිබූ අතර ඔවුන්ගේ ආශිර්වාදයද ඊට හිමිවී තිබී ඇත්තේ තම දියණියගේ සැමියා අනාගතයේදී දොස්තරවරයෙකු වීමට නියමිත බැවිනි.
පසුගියදා මෙම වංචාකාර තරුණිය මෙම සිසුවියට වට්ස් ඇප් මගින් පණිවුඩයක් යවමින් ඇයගේ ප්‍රේමවන්තයාට අසනීප තත්වයක් හේතුවෙන් හදිසි සැත්කමක් කිරීමට අවශ්‍යව ඇති බවත් ඒ සඳහා මුදල් අවශ්‍යතාවක් ඇති බවත් පවසා තිබේ.
සිසුවියද දෙමාපියන් වෙත මෙම කරුණු සැලකරමින් තරුණයාට යැවීමට රන් මාල 02ක් සහ රන් මුදුවක් සමඟ මුදලින් රුපියල් 27,000/=ක්ද තරුණියට ලබාදී ඇත.
තරුනිය විසින් එක් රන් මාලයක් ඇය හඳුනන අකුරැස්සේ තරුණයෙකු ලවා ස්ථානයකට උකස් කර ඇති අතර අනෙක් මාලය සහ මුද්ද පිටබැද්දර ප්‍රදේශයේ ස්ථානයකට උකස් කර තිබුණි.
මෙපමණ මුදලක් ලබාදී තිබුණත් තම ප්‍රේමවන්ත වෛද්‍ය පීඨ සිසුවා තමන් සමඟ වචනයක් හෝ කතා නොකරන්නේ මන්දැයි සැක සිතූ සිසුවිය දෙමාපියන්ද කැටුව පිටබැද්දර පොලිසිය වෙත පැමිණ පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා හමුවේ සියල්ල විස්තර කළාය.
ඇය විසින් හෙළිකල සියලු තොරතුරු පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලද පොලිස් ස්ථානාධිපතිවරයා වංචනික ලෙස මුදල් ඉපයූ වට්ස් ඇප් කණ්ඩායම මෙහෙයවූ තරුණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය සියලු තොරතුරු හෙළිකර සිටි අතර වංචනික ලෙස වට්ස් ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් මුදල් වංචා කිරීම පිළිබඳව සියලු කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්විය.
ඇය විසින් පරිහණය කරන ලද ජංගම දුරකථන දෙකද අත්අඩංගුවට ගැනින. උකසට තබා තිබූ රන්මාල 02 සහ රන් මුදුවද අත්අඩංගුවට ගැනිණ.
මෙම සැකකාරිය අකුරැස්ස, කඹුරුපිටිය, මාතර, තෙලිජ්ජවිල යන ප්‍රදේශවල තරුණ තරුණියන් කිහිප දෙනෙකුගෙන්ම මෙලෙස වංචනිකව මුදල් රැගෙන ඇති බව අනාවරණය කරගෙන ඇති අතර ඒ පිළිබඳව පොලිසිය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
සැකකාරිය 16 වෙනි දින මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව ජූලි 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරින. රන් මාලය උකස් කිරීමට සහාය දුන් අකුරැස්සේ තරුණයාද රක්ෂිත බන්ධනාගාරගත කෙරින.
298 Views
Comments