“20 කින් තෙල් බස්සලා ජනතාව මුළා කරන්න එපා, බැරිනං අපිට දෙන්න”

ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියදී රුපියල් 10 කින් 20 කින් ඉන්ධන මිල අඩු කිරීම ජනතාව මුලා කිරීමක් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඛනිජ තෙල් සංස්ථාව ඉතාම අසාධාරණ ලෙස ජනතාවගේ මුදල් ගසාකමින් සිටින බව පෙන්වා දෙන සභාපතිවරයා ජනතාවට සහන සැළසීමට සැබෑ වුවමනාවක් තිබේ නම් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් මිල පහත දැමිය යුතු බවද පවසයි.
ඉන්ධන මිල තීරණය කිරීමට මිල සූත්‍රයක් හඳුන්වාදුන් නමුත් එය නිශ්චිත ක්‍රමවේදයක් අනුව සකස් කළ මිල සූත්‍රයක් නොවන බවත් ජනක රත්නායක සඳහන් කරයි.
මිල තීරණය කිරීමට මෙන්ම ඉන්ධනවල ප්‍රමිතිය තීරණය කිරීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි නම් ඉන්ධන නියාමනයද මහජන උපයෝගීතා කොමිසමට බාර දෙන්නැයි ජනක රත්නායක රජයෙන් ඉල්ලා සිටී.
256 Views
Comments