“ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න” - සමගි ජන බලවේගයෙන් ජනතාවට ඉල්ලීම්

වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් අනුව ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙස සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින 10 තුළ එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙස ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ඉල්ලා ඇත.
ආණ්ඩුවට ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව ද එම පක්ෂය පවසයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එම පක්ෂය සමඟ සන්ධානගත පක්ෂවල නායකයින් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා අමීර් අලී යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින්.
741 Views
Comments