ඔබත් හිස්හොරි නිසා පීඩාවෙන්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

ඔබත් හිස්හොරි නිසා පීඩාවෙන්ද

ඔබත් හිස්හොරි නිසා පීඩාවෙන්ද

වර්තමානයේ දී ස්ත්‍රී පුරුෂ බාල වැඩිහිටි භේදයකින් තොරව බොහෝ දෙනෙක් තමාගේ හිසෙහි හටගෙන ඇති හිස්හොරි නිසාවෙන් පසුවන්නේ දැඩි පීඩනයකින්. තමා ප්‍රිය කරන කොණ්ඩ මෝස්තරයකින් සැරසීමට හෝ ප්‍රිය කරන ඇඳුම් විලාසිතාවකින් සැරසීමටද හිස්හොරි මහත් බාධාවකි. මෙවැනි කරදරකාරී හිස්හොරි ඇති වන්නේ කුමක් නිසාද සහ ඊට කළ හැකි පිළියම් මොනවාද යන්න පිළිබඳව පහතින් දැනුවත් වෙමු.


පුද්ගලයන්ගේ සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වීමක් සිදුවේ. නමුත් එය ඔබට නොදැනෙන ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියම හිස් කබලේ මතුපිට සමෙහි ද සිදු වේ. හිස්හොරි යනුවෙන් බොහෝ දෙනෙක් හඳුනාගෙන ඇත්තේ එම හිස් කබලේ ඇති සෛල ස්ථරය ඉවත් වී යාමයි. පුද්ගලයෙකුගේ හිසේ තෙල් නිපදවීම වේගවත් නම් හිස්සොරි පොතු තට්ටුවක් ලෙස හිස් කබල මතු පිට රැඳී තිබෙන්නට පුළුවනි. එවැනි තත්ත්වයක් ඇති අයගේ නිතර නිතර හිස කැසීම මෙන්ම දුර්ගන්ධයක් ද වහනය වේ. හිස් කබලේ තැවරී ඇති දූවිලි සහ කුණු හොඳින් සෝදා හිස පිරිසිදුව තබා ගැනීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට හැකියාවක් පවතින බව සිහියේ තබාගන්න. එමෙන්ම නිතර නිතර ෂැම්පු හෝ සබන් දමා තදින් හිස ඇතිල්ලීමෙන් ඉස්හොරි ඉවත්වනවා වෙනුවට වැඩිපුර හිස්හොරි ඇතිවීමට පුළුවනි.

 

මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර දවසක් හැර දවසක් හිස සේදීම ඉතාමත් ප්‍රමාණවත්. හිස්සොරි සඳහාම විශේෂිත වූ ෂැම්පු වර්ග අද වන විට වෙළදපලෙන් මිළදී ගැනීමට හැකියාවක් පවතින බැවින් එවැනි ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස සේදීමෙන් ද මෙම හිස්සොරි සඳහා විසඳුමක් ලබාගැනීමට ඔබට හැකියාවක් ලැබේවි. විශේෂයෙන්ම උණුසුම් දිනවල ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා සම ඉරි තැළුණු ස්වභාවයක් ගන්නට පුළුවනි. මේ තත්ත්වය ඔබේ හිසට ද බලපාන බැවින් හිසෙහි සම වියලීමට ලක් වී හිස්සොරි ඇතිවේ. එවිට හිස් කබල මතු පිට හිස්සොරි සෑදීම වේගවත් වනු ඇත. ඔලිව් තෙල් හිස්සොරි මර්දනය කරනවා වගේම හිස්සොරි වර්ධනය කිරීමටද ඉවහල් වන බව මතකයේ තබා ගන්න. ඔලිව් තෙල් බිංදු 10ක් පමණ ගෙන හිස් කබල මත ගල්වා විනාඩි 10ක පමණ කාලයක් සම්බාහනය කර රැයක් තබා සෝදා හැරීමෙන් හිස්සොරි සඳහා යම් තාක් දුරට සහනයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් ලැබේවි. ඔබගේ සුන්දරත්වය විදහා දක්වන එක් අංගයකි ඔබේ හිසකෙස්. හිස මතුපිට හිස්සොරි පැවතීමෙන් ඒවා ඔබගේ හිසකෙස් වලට ද හානි පමුණුවයි. එබැවින් හැකි පමණ ඔබගේ හිස්කබල සහ හිසකෙස් හොඳින් සෝදා පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

 

views

813 Views

Comments

arrow-up