බෝම්බ පිපිරීමක් ! 15 හැවිරිදි දරුවෙක් මරුට

මුතූර් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 15 හැවිරිදි දරුවෙකු මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම පිපිරීම මුතූර් තෝපුර් අල්ලෙනගර් ප්‍රදේශයේ සිදුව ඇති බවයි.
මෙම දරුවා සිය නිවසේ පවත්වා ගෙන යන එළු ගොවිපලක් සඳහා කොළ රැගෙන ඒම සඳහා ඒ අසල පාලු ඉඩමකට ගොස් ඇති අතර එහිදී මෙම පිපිරීම සිදුව තිබෙනවා.
මෙය බෝම්බයක් නිසා සිදු වූ පිපිරීමක් බවයි පොලිසිය සැක පල කරන්නේ.
දරුවාගේ දේහය තෝපුර් රෝහලේ ඉදිරි විමර්ශන සඳහා තැම්පත් කොට තිබෙනවා.
16732 Views
Comments