මාරක අනතුරෙන් මව මරුට - පුතාට බරපතළයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

මාරක අනතුරෙන් මව මරුට - පුතාට බරපතළයි

මාරක අනතුරෙන් මව මරුට - පුතාට බරපතළයි

තණමල්විල-ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සෙවනගල, කිරිඉබ්බන් වැව ආයුර්වේද රෝහල අසල සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

 

ඇඹිලිපිටිය දෙස සිට තණමල්විලට ධාවනය වූ කැබ් රියක් එම මංතීරුවේම කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

 

අනතුරින් කැබ් රථයේ ගමන්ගත් අවුරුදු 56ක කාන්තාවක් මියගොස් ඇති අතර කැබ්රථයේ රියදුරු බරපතළ තුවාල ලබා සෙවනගල රෝහලට ඇතුලත් කර තිබේ.

 

මියගිය කාන්තාව කැබ්රථය පැදවූ රියදුරුගේ මව වන අතර ඔවුන් හම්බෙගමුව අරඹෙකෙම ප්‍රදේශයේ වේ.

 

අනතුර සම්බන්ධයෙන් සෙවනගල පොලීසිය විමර්ශන සිදුකරයි.

views

802 Views

Comments

arrow-up