“චාමිකව කැපුවේ බෝන්අගේන් බලපෑමෙන්” - මන්ත්‍රීවරු කියති
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

“චාමිකව කැපුවේ බෝන්අගේන් බලපෑමෙන්” - මන්ත්‍රීවරු කියති

“චාමිකව කැපුවේ බෝන්අගේන් බලපෑමෙන්” - මන්ත්‍රීවරු කියති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න මෙවර ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් විමසීමක් සිදු කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරාගෙන නැත්තේ ආගමික කල්ලියක බලපෑම නිසා බව ද පාර්ලිමේන්තුවේදී ක‍්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇත.

 

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම දැනුම්දීම කර ඇත.

 

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී කිසියම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් ඇතැයි ද එම මන්ත්‍රීවරුන් කාරක සභාවේ දී පෙන්වා දී ඇත.

views

210 Views

Comments

arrow-up