ඉන්දීය යුරියා පොහොර තොගයේ දෙවන කොටසත් එයි

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමිවූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස රැගත් නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.
ඊට යූරියා මෙට්ට්‍රික් ටොන් 21,000ක් අයත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.
එම පොහොර තොගය ගොඩබෑම් කටයුතු මේවන විට ආරම්භ කර තිබෙන අතර තවත් දින කිහිපයකින් එම පොහොර තොගය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් සදහන් කළේය.
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමි වූ යූරියා පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 65,000කි.
එහි පළමු කොටස ඉකුත්දා මෙරටට හිමිවූ අතර මේ වනවිටත් ඉන් බොහෝමයික් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදාදී අවසන් වී තිබේ.
මෙවර යල කන්නයේ ගොවීන් සතු වීවී අලෙවි මණ්ඩල හරහා මේ වනවිට මිලදී ගනු ලබයි.
ඒ, නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් යන මිල ගණන් යටතේය.
එහෙත් ගොවීන් චෝදනා කළේ වී සඳහා නියම කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවයි.
223 Views
Comments