පාසල් විවෘත කිරීමට පෙර කළ යුතු දේ ගැන අධ්‍යාපන ඇමති කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

පාසල් විවෘත කිරීමට පෙර කළ යුතු දේ ගැන අධ්‍යාපන ඇමති කියයි

පාසල් විවෘත කිරීමට පෙර කළ යුතු දේ ගැන අධ්‍යාපන ඇමති කියයි

සුදුසු පරිසරයක් නිර්මාණය වූ වහාම හැකිතාක් ඉක්මනින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව පාසල් විවෘත කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය පීරිස් මහතා පවසනවා.

 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාසල් විවෘත කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු සමග අද උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

 

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීමේ ප්‍රථම පියවර ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් යන පාසල් පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස සහ පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩලය එන්නත්කරණ කිරීම කළ යුතු බවයි.

 

නියෝජ්‍ය විදුහල්පතිවරුන් එන්නත්කරණය කිරීම සඳහා එන්නත් 249,613 ක් අවශ්‍ය බවත් අනධ්‍යයන කාර්යමණ්ඩලයේ එන්නත් කිරීමට එන්නත් 29407 ක් අවශ්‍ය බවත් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

ඒ අනුව සමස්තයක් ලෙස එන්නත් 279 020 ක් අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

views

933 Views

Comments

arrow-up