රටක් සුවපත් කරන්න විශ්‍රාමික හෙද හෙදියන්ට නැවතත් සේවයට ආරාධනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

රටක් සුවපත් කරන්න විශ්‍රාමික හෙද හෙදියන්ට නැවතත් සේවයට ආරාධනා

රටක් සුවපත් කරන්න විශ්‍රාමික හෙද හෙදියන්ට නැවතත් සේවයට ආරාධනා

හෙද සේවයෙන් විශ්‍රාම ගොස් ඇති හෙද හෙදියන් අවශ්‍යතාවයන් මත නැවතත් කොන්ත්‍රාත් පදනම මත සේවයට බදවා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය ඇමැතිවරිය ට උපදෙස් ලබා දී ඇත.

 

දැනට සේවයේ නිරත හෙද හෙදියන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා සමග පැවැත්වූ පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

 

මීට අමතරව දැනට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකවල සේවය කරන නුපුහුණු හෙදියන්ගේ පුහුණු කාලය සහ ඔවුන් සේවය කරන කාලය එකතු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබුණා.

views

1332 Views

Comments

arrow-up