චන්දිමාල්, හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

චන්දිමාල්, හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට

චන්දිමාල්, හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට

නිරෝධායන නීති හා සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින පුද්ගලයන් 13 දෙනා සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය දින 14ක කාලසීමාවකට නිරෝධායන සඳහා යොමුකර තිබෙනවා.

 

අදාල උපන්දින සාදය සඳහා නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් තිස් දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණා. කෙසේ නමුත් මෙම උපන්දින සාදය සංවිධානය කිරීම සහ පැවැත්වීම සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පසුගිය 31 වනදා අත්අඩංගුවට ගෙන එදිනම ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප මත මුදාහැර තිබුණා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන යන්ත්‍රයක් සහ ඇගේ සැමියා ද සිටි බව වාර්තා වුණා. චමල් ශුශාන්ත ගුණසේකර වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතාගේ පුත්‍රයකු ද වනවා.

views

1193 Views

Comments

arrow-up