මෙරට 48 වන නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් දිවුරුම් දෙයි

මෙරට 48 වන නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාද සහභාගී වී සිටියා.
වසර 34 ක කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සංජය රාජරත්න මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජෙනරාල් යන ධූරයන් සිය රාජකාරී සමය තුළ හොබවා තිබෙනවා.
1200 Views
Comments