උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ නැවතත් කල් යයි !
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ නැවතත් කල් යයි !

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ නැවතත් කල් යයි !

2021 වසර සඳහා පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග නැවතත් කල් දැමීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

 

උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මසද සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි මාසයේ ද පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

 

2020 වසරේ අධ්‍යයන දින ගණන නියමිත ප්‍රමාණයට වඩා අඩු වීමත් දිවයිනේ සෑම සිසුවෙකුටම මාර්ගත අධ්‍යාපන පහසුකම් නොලැබීමත් පිළිබඳව අවධානය යොමුකර මෙලෙස විභාග පවත්වන දින වකවානු සංශෝධනයට අවධානය යොමු වී ඇත.

 

පාසල් නැවත ආරම්භ කරන දිනයක් මේ වනවිටත් අවිනිශ්චිත බැවින් පාසල් ආරම්භ වීමෙන් පසු මෙම විභාග පැවැත්වෙන දින වකවානු තීරණය වෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 

 

 

 

 

 

 

 

source: divaina

views

1269 Views

Comments

arrow-up