සඳුදා වෙනතුරු හැදුනුම්පත් ක්‍රමය නෑ

අද රාත්‍රී 11 සිට මැයි 17 වන සඳුදා උදෑසන 4 වන තුරු දිවයිනටම බලපාන පරිදි සංචරණ සීමා පනවා ඇති කාලය තුළ හැදුනුම්පත් ක්‍රමවේදය භාවිතා කරමින් සංචරණය කිරීමට අවස්ථාවක් හිමි නොවන බව පොලීසිය සඳහන් කරයි.
එම කාලය තුළ සම්පූර්ණයෙන් ම පුද්ගල සංචරණය සීමා වනු ඇත.
ඊට අමතරව සංචාරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ ඔසු සැල් හැර වෙනත් කිසිදු කඩ සාප්පුවක් විවෘත කිරීමට අවසර හිමි නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කර සිටී.
670 Views
Comments