පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්න - නීතිපති පොලිසියට දන්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්න - නීතිපති පොලිසියට දන්වයි

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්න - නීතිපති පොලිසියට දන්වයි

අත්අඩංගුවේ පසු වන පාතාල කල්ලි සාමාජික පොඩි ලැසී නොහොත් ජනිත් මධුසංඛගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

 

ඒ තමාට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලා පොඩි ලෙස විසින් ඉදිරිපත් කළ පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදීයි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටී සැකකරුවන් දෙදෙනෙකු විමර්ශන සඳහා පිටතට රැගෙන ගියේ අවස්ථාවන්වලදී ඔවුන් මිය ගිය නිසා තමන්ට ද එවැනි ඉරණමක් අත් විය හැකි යැයි තම සේවාදායකයා බියෙන් සිටින බව පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණය ඉදිරියේ කියාසිටියා.

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

851 Views

Comments

arrow-up