නිරෝධායන නීති කැඩුවොත් වසර 06 ක් හිරේ - රුපියල් 10 000 ක දඩයකුත් ගෙවිය යුතුයි

නිරෝධායන හෝ සංචරණ නීති කඩ කරමින් කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පවතින නීතිය යටතේ වසර 6 කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් 10 000ක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබා දීමේ හැකියාව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
සංචාරක නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිය මෙවර අකුරටම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර නිරෝධායන නීති හෝ සංචරණය නීති කඩ කරමින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.
533 Views
Comments