බස්නාහිර පලාතේ ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදකලා කරයි

අද උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිලධාරී වසම් 12 හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්ද බටහිර, කුන්දන පොල්හේන ග්‍රාම නිලධාරී වසම් ද ,
ගම්පහ දිස්ත්රික්කයේ කඩවත පොලිස් වසමේ ඇල්දෙනිය නැගෙනහිර, සූරියපාළුව දකුණ, සූරියපාළුව උතුර, පහළ කරගහමුල උතුර, ඉහළ කරගහමුල උතුර, ග්‍රාම නිලධාරී වසම්ද,
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, තින්බුර, මතුගම,යටියන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙන බව යුධහමුදාපති වරයා ප්‍රකාශ කළා.
එමෙන්ම අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ
බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ
ඉඟුරුදළුව ග්‍රාම නිලධාරී වසම,
මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම,
මිරිස්වත්ත ගාම නිලධාරී වසම,
පහළ හේවෙස්ස ග්‍රාම නිලධාරී වසම
යන ග්‍රාම නිලධාරී වසම් කිහිපය හුදකලා බවින් ඉවත් කර ඇති බව යුධහමුදාපති වරයා ප්‍රකාශ කළා.
2743 Views
Comments