දිවයින පුරා රෝහල්වල කොරෝනා ආසාදිතයින් 10 000 ක් !

මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබෙනවා මේ වන විට දිවයින පුරා රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල නේවාසිකව ආසාදිතයින් 10372 ක් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
අද පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 533 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.
කොළඹ නගරයෙන් ආසාධිතයින් 61 ක්, වැල්ලම්පිටියෙන් ආසාදිතයින් 27 ක්, මුල්ලේරියාවෙන් ආසාදිතයින් 31ක්, මොරටුවෙන් ආසාදිතයින්19 ක්, බොරැල්ලෙන් ආසාදිතයින් 19 ක්, මහරගමින් ආසාදිතයින් 16 ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් වාර්තා වී තිබුණා.
765 Views
Comments