රිෂාඩ් බදියුදීන් ගැන ඉන්දීයානු ආරක්ෂක අංශ අනාවරණය කරයි

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පසුගිය සමයේ ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ආගමික නායකයින් සමඟ පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව ඉන්දියානු බුද්ධි අංශ විසින් මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.
2013 වසරේ දී රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටින සමයේ චෙන්නායි සංචාරයක නිරත වී ඇති අතර එහිදී මෙම ආගමික සාමාජිකයින් සමග සම්බන්ධතා ගොඩනගා ඇති බව අනාවරණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
රිෂාඩ් බදියුදීන් මහතාගේ පියා කේරළයේ කසරාගොඩ් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර මේ හේතුවෙන් ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ඇති බව ඉන්දියානු බුද්ධි අංශය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
එමෙන්ම කසරාගොඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් පවුල් 5 ක සාමාජිකයන් අතුරුදන්ව ඇති අතර ඔවුන් 2016 වසරේ දී සිරියාවට පැනගොස් ISIS සංවිධානයට බැඳී ඇති බවට ද අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අතුරින් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තවුහිත් ජමාද් සංවිධානයේ පිරිස් සමග සාකච්ඡා කර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
1502 Views
Comments