දින 3, 4 කට රට වැසෙන ලකුණු, සති තුනකට පාසල් නිවාඩු දීමේ යෝජනාවකුත් ඒ අතර
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
23

දින 3, 4 කට රට වැසෙන ලකුණු, සති තුනකට පාසල් නිවාඩු දීමේ යෝජනාවකුත් ඒ අතර

දින 3, 4 කට රට වැසෙන ලකුණු, සති තුනකට පාසල් නිවාඩු දීමේ යෝජනාවකුත් ඒ අතර

මේ වන විට වැඩි වෙමින් පවතින කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් අවම වශයෙන් දින තුනක හෝ හතරක කාලයකට රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බව හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

 

මේ සම්බන්ධයෙන් වන යෝජනාව දැනටමත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක දී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළා.

 

මේ සඳහා සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට උපුල් රෝහණ මහතා බලාපොරොත්තු වෙනවා.

 

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව සඳහා වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ද කැඳවා තිබෙන බව වාර්තා වනවා.

 

එමෙන්ම මෙවර වෙසක් උත්සවය සඳහා දන්සල් හා වෙසක් තොරණ ආදී මහජනතාව එක් රැස්වන කිසිඳු අවස්ථාවකට සිය සංගමය අවසර නොදීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

 

මේ වන විට පවතින තත්වය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙමින් පවතිනවා.

 

ඊට සහභාගී වීමට පැමිණි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ ඉදිරි සති 3 ක කාලයක් සඳහා පාසල් වසා දමන ලෙස ඉල්ලීමක් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

views

1000 Views

Comments

arrow-up