ඊබ්‍රහීම්ගේ සියලු වත්කම් තහනම් කරයි හොර ඔප්පු සෑදීමට උත්සහ කළ 5 ක් දැලේ

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා මෙරට ස්ථාන 08 කට එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ බෝම්බ කරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්ෂාෆ් අහමඩ් ගේ සහ ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් සතු සියලු දේපළ සහ වත්කම්, යාන වාහන ආදී සියලු දෑ තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මේ සියලු දේපළ වල වත්කම රුපියල් කෝටි 100 කට අධික බව මේ වන විට හෙළිවී තිබෙනවා. ඒ අතරට අක්කර ගණනක් පුරා විහිදී ඇති ගම්මිරිස් වත්තක් ව්‍යාපාර 20 කට අධික ප්‍රමාණයක් සහ ඊබ්‍රාහීම් පවුල සතුව ඇති යාන වාහන, සුපිරි නිවාස ආදී සියලු දෑ අයත් වන බවයි වාර්තා වන්නේ.
රජය ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට පෙර ඔවුන් සතු වූ සුපිරි නිවසක් ව්‍යාජ ඔප්පු සකස් කර වෙනත් පුද්ගලයෙකුගේ යටතට පත් කිරීමට තැත් කළ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා.
723 Views
Comments