පොරොන්දු වුණු කාන්තා සනීපාරක්ෂක තුවා දෙන්න සජිත් සූදානම්

මැතිවරණ සමයේ ජනතාවට පොරොන්දු වූ පරිදි කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමේ සූදානමක් පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටිනවා.
අප්‍රේල් 9 වන දින විපක්ෂ නායක කාර්‍යයාලයේ තිබූ මාධ්‍යය හමුවේදී ඒ මහතා මෙලෙස සමගි ජන වනිතා බලවේගය හරහා කාන්තාවන්ට මෙම සනීපාරක්ෂක තුවා ලබා දෙන බව ප්‍රකාශ කර සිටියා.
''ආර්තව දරිද්‍රතාවයට තිත තබමු'' යන තේමාව යටතේ පැවැත්වුණු චිත්‍ර තරගයේ ජයග්‍රාහී චිත්‍ර ශිල්පීන්ට ත්‍යාග ප්‍රදාන කිරීමද එදින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුනා.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ශනායක තුමා..
" එදා ජනාධිපතිවරණයේදී අපි පොරොන්දුවක් දුන්නා. මුළු රටේම මෙම මෙවලම්, ආම්පන්න නොමිලේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා ආර්තව දරිද්‍රතාවයට ශක්තිමත් ප්‍රායෝගික විසඳුමක් ලබාදිය යුතුයි. එදා අපිට විරුද්ධ වූ අය අපි කිව්ව දේවල් අඩුම තරමින් වාචිකව හරි අද පිළිඅරන් තියෙනවා. තාමත් ඒ අයට ශක්තියක් ලැබිලා නෑ මේක ක්‍රියාත්මක කරන්න. නමුත් සමගි වනිතා බලවේගය හරහා අනාගතයේදී සනීපාරක්ෂක කට්ටල අපේ රටේ පාසල් දැරියන්ට, කාන්තාවන්ට නොමිලේ ලබාදීලා ජාතික වැඩසටහනක් බවට පත්කිරීම අපි භාර ගන්නවා."
597 Views
Comments