APR
16
නීති විරෝධි මත්පැන් පානය කළ දෙදෙනෙකු මිය යයි

අලුත් අවුරුදු උදාව සමරමින් ඊයේ (15) රාත්‍රියේ සංවිධානය කළ සාදයක් අතරතුර නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පඩුකාරමඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
නීතිවිරෝධී මත්පැන් පානය කළ තවත් එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණු වැව පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
852 Views
Comments