බිම්ෂානි ජාසිංහආරච්චිගේ පොලිස් ඔම්බුඩ්ස්මන් තනතුරෙන් ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
07

බිම්ෂානි ජාසිංහආරච්චිගේ පොලිස් ඔම්බුඩ්ස්මන් තනතුරෙන් ඉවතට

බිම්ෂානි ජාසිංහආරච්චිගේ පොලිස් ඔම්බුඩ්ස්මන් තනතුරෙන් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දුක්ගැනවිලි (ඔම්බුඩ්ස්මන්) අංශය භාරව කටයුතු කළ යෝජ්‍ය පොලිස්පතිනි බිම්ශානි ජාසිංහ ආරච්චිගේ මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීමට පොලිස්පති C.D වික්‍රමරත්න මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

 

බිම්ශානි ජාසිංහ ආරච්චිගේ යනු මෙරට පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ මෙම ස්ථාන මාරුව පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් පමණක් බවයි.

 

කෙසේ නමුත් නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ශානි ජාසිංහාරච්චිගේ මහත්මිය, ඉදිරියේ දී නව තනතුරක පිහිටවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

එමෙන්ම ඇයගෙන් හිස් වූ පොලිස් ඔම්බුඩ්ස්මන් තනතුරට එම ඒකකයේ සේවය කළ වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර ඇති බව දැනුම් දී තිබෙනවා.

views

1041 Views

Comments

arrow-up