හිමිකරුවන් නොමැති මෙරට ෆේස්බුක් ගිණුම් මිලියන 2 ක් අත්හිටුවීමට සැරසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
07

හිමිකරුවන් නොමැති මෙරට ෆේස්බුක් ගිණුම් මිලියන 2 ක් අත්හිටුවීමට සැරසේ

හිමිකරුවන් නොමැති මෙරට ෆේස්බුක් ගිණුම් මිලියන 2 ක් අත්හිටුවීමට සැරසේ

ශ්‍රී ලංකාවේ සමස්ථ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි ආකාරයෙන් හිමිකරුවෙකු නොමැති බවට තහවුරු වී ඇති 27%ක් වූ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් එනම් ගිණුම් ලක්ෂ 20ක් පමණ ඉදිරියේ දී අත්හිටුවීමට නියමිත බව ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

 

ඒ සඳහා මේ වන විට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

 

මේ වන විට එවැනි ගිණුම් නියාමනය සහ පාලනය කිරීමට රජය සතුව පවතින ආයතන ඔස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින නීති මත වැඩපිළිවෙලක් සැකසීම සඳහා අධිකරණ ඇමතිවරයා සහ තමා එක්ව කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

 

හිමිකරුවන් නොමැති මෙවැනි ගිණුම් අන්තවාදයට, ජාතිවාදයට, ත්‍රස්තවාදයට අනුබල දෙන ක්‍රියා, තරුණයන් නොමඟ යවන විෂමාචාර සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට අනුබල දීම් වන බවට ආරක්ෂක අංශ නිරීක්ෂණය කර ඇති බවත් එබැවින් රටේ ජාතික ආරක්ෂාවට සහ සමාජයේ යහපැවැත්ම උදෙසා මෙවැනි ගිණුම් අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු පැවසුවා.

views

1750 Views

Comments

arrow-up