රෝගීන්ගේ ශ්වසන අපහසුතා මඩින්න ගුවන් හමුදාවෙන් නව නිර්මාණයක්

ස්වසන අපහසුතා ඇති රෝගීන්ට ස්වසනය පහසුව ඇති කිරීම සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ඊයේ (12) දිනයේදී ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති කොවිඩ් වසංගතය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් පරිදි නවෝත්පාදන ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජය මහතාගේ සංකල්පයක් අනුව චාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමක ගේ දායකත්වයෙන් මෙම උපකරණ කට්ටලය නිර්මාණය කර තිබෙනවා.
මෙම උපකරණය මගින් පූර්ණ ආර්ද්‍රතාව සහිත අධි ධාරිතාවයකින් යුත් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ස්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම සිදුකරනු ලබනවා. මේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ ගුවන් හමුදා ඉන්ජිනේරු බලකායේ ගුවන්යානා නඩත්තු ඒකකය විසිනුයි. මෙම උපකරණයේ සීමාවන් ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් පසුව මෙය ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම මෙම ඒකකයට විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාවය මොරටුව විශ්ව විද්‍යාලයෙන් සනාථ කර තිබෙනවා. මෙවැනි උපකරණයක් නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 15 ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර තිබුණත් මේ සඳහා වැය වී ඇත්තේ ලක්ෂ 03ක් පමණයි.
දැනට මෙවැනි උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර ඉදිරියේ දී පැන නැගෙන අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය අංශ වලට මෙවැනි නිෂ්පාදන අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවයි මෙහි නිර්මාණකරුවන් පැවසුවේ.
මෙම ඒකකය ජනාධිපතිවරයා වෙත භාර දෙන අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්ම මහත්මීන් එක්වී සිටියා.
505 Views
Comments