ඇමරිකාවේ සංචාරක තහනම නිසා ත්‍රස්ත බියක් ඇති කර ගන්න එපා - ආරක්ෂක ලේකම්

ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස දන්වමින් 4 වන මට්ටමේ අවදානම් නියෝගයක් නිකුත් කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කර තිබුණා.
ඊට හේතුකාරක වී තිබුණේ මෙරට කොවිඩ් වසංගතය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී යාමයි.
මේ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ ද දක්වා තිබෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර ඇති සංචාරක සීමා අනුව එය ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුළත් කිරීම පිළිබඳව බියක් ඇති කර නොගත යුතු බවයි.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශය මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳව හවුරු කර ඇති බව ඔහු ප්‍රකාශ කරනවා. ඇමරිකාව නිකුත් කර ඇති 4 වන මට්ටමේ අවදානම් තත්ත්වය වර්තමානයේ මෙරට පවතින covid-19 තත්වය හේතුවෙන් නිකුත්කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙලෙස 4වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර තිබුණ ද එහි දී ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් අඩංගුවීම, එය වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදු වන්නක් බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
1582 Views
Comments